27 February 2026

logo

අවුරුදු 30ත් 50ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් ගැන භයානක අනාවරණයක්



අවුරුදු 30ත් 50ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග වැළදීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. 

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු සඳහන් කළේ මීට පෙර වයස අවුරුදු 50න් ඉහළ පුද්ගලයන් හට එම පිළිකා රෝග වැළදීමේ ඉහළ ප්‍රවනතාවක් පැවති බවයි. 

මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)