27 February 2026

logo

කොදෙව්වන්ගෙන් අප්‍රිකාවට දැවැන්ත ඉලක්කයක්



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

සුපිරි 8දෙනාගේ තරග වටයේ පළමු කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 7 ලකුණු 83ක් තුළ බිඳ වැටුණත් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 176ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ජේසන් හෝල්ඩර් සහ රොමාරියෝ ෂෙපඩ් සමත්වුණා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අපිකා කණ්ඩායමට හිමි වන ඉලක්කයක ලකුණු 177ක්.



(colombotimes.lk)