13 July 2025

logo

ඊශ්‍රායලය - කටුනායක අතර සෘජු බැඳීමක්



ඊශ්‍රායලයේ සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව ලබන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ “ආකියා” ගුවන් සේවයට අයත් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කළා. 
 
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
(colombotimes.lk)