24 August 2025

logo

අධිකරණ පරිශ්‍රයේ අකරතැබ්බයක් - මහින්ද අමරවීර



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව විභාගයට ගන්නා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විදුලිය විසන්ධි වී තිබෙනවා.

අධිකරණය තුළ සිට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ විදුලිය විටින් විට 'යනවා එනවා' බවයි.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ නඩත්තු අංශයේ සේවකයන් එම අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

එලෙස විසන්ධි වූ විදුලිය මේ වන විට යථා තත්ත්වයට පත් කළ ද විටින් විට එය විසන්ධි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)