08 November 2025

logo

ආයුර්වේද වෛද්‍ය පීඨවල පවතින ගැටලු ගැන සාකච්ඡාවක්



ආයුර්වේද වෛද්‍ය පීඨයන්වල පවතින ගැටලු විසදීම පිළිබඳව විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි. 

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්නගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
 
එහිදී මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හී දේශීය වෛද්‍ය උපාධි පාඨමාලාවලට අදාළ සායනික පුහුණුව විධිමත් කිරීම, සිසුන්ගේ සීමාවාසික පුහුණුව පිළිබද පවතින ගැටලු පිළිබදව ද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව අදාළ ගැටලු සඳහා කඩිනමින් විසදුම් ලබාදීමට ඇති හැකියාව පිළිබදව එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. 

(colombotimes.lk)