තලවකැලේ සිට නුවරඑළිය උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මර්ගය හරහා පෙරළීයාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේදීයි.
එලෙස සිදු වූ අනතුරෙන් කුඩා ළමුන් ඇතුළු 5දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.
එම අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ 05දෙනෙක් ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)
