08 November 2025

logo

මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැලෙන වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
 
ඒ අනුව හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ.
 
එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිළධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 





(colombotimes.lk)