colombotimes.lk
සිංහල | English

29 March 2024

ප්‍රකට ගායිකාවක් කලා ලොවෙන් නික්මෙන ලකුණු



ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන සෙලීන් ඩියෝන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
 
සෙලීන් ඩියෝන් 2023 සහ 2024 වර්ෂ සඳහා නියමිත සියලුම සංදර්ශන හා සංචාර අවලංගු කර තිබෙන බව වාර්තා වනවා. 
 
55 හැවිරිදි ඇය ට්විටර් සටහනක් තබමින් රසිකයන්ට පවසා ඇත්තේ ඔවුන් අපහසුතාවයට පත්වීම ගැන කණගාටුවට පත් වන බවයි. 
(colombotimes.lk)