දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම අදත් (22) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල, මාතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උණුසුම අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී ඇත්තේ උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම වැඩිහිටි පුද්ගලයන් සහ ළමුන් ඒ පිළිබඳ විශේෂ අවදානයක් යොමු කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)