08 December 2025

logo

ආපදා තත්වයන් පිළිබඳව දැනුම්දීමට දුරකථන අංක කිහිපයක්



දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යම් පුද්ගලයෙක් පීඩාවට පත්වී ඇත්නම් කඩිනමින් 117දුරකථන අංකයට දැනුම්දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව ආපදා තත්ත්වයන් දැනුම්දිය හැකි දුරකථන අංක පහතින්,

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - 117, 0112136136

පොලිස් හදිසි ඇමතුම් ඒකකය - 119

සුවසැරිය ගිලන් රථ සේවාව - 1990

ගිනි නිවීමේ හමුදාව - 110

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය - 0112500946

නාවික හමුදා මූලස්ථානය - 0112445368

යුද හමුදා මූලස්ථානය - 1113

ගුවන් හමුදා මූලස්ථානය - 116

(colombotimes.lk)