04 November 2025

logo

ඇල්ල අවට ඇති වූ ගින්නක් දුම්රිය මාර්ගය දක්වා පැතිරීමේ අවදානමක්



ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ගින්නක් ව්‍යාපත්වන වන බව වාර්තා වනවා.

මෙම ගින්න පාලනය කිරීම සදහා යුදහමුදාව පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරමින් සිටින බව සඳහන්.

අද (23) උදෑසනන සිට ගින්න පවතින බව ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

පයිනස් වගාවේ හටගෙන ඇති ගින්න දුම්රිය මාර්ගය දක්වා පැතිර යන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, මේ වන විටත් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
(Colombotimes.lk)