16 January 2026

logo

VIDEO | රුසියාවට ගංවතුර තත්වයක්



රුසියාවේ යූරල් කඳුකරයේ හිම දියවීම නිසා සයිබීරියාවේ සහ කසකස්තානයේ යූරල් සහ ටොබෝල් වැනි ගංගාවලට ආසන්න ප්‍රදේශවල ජල මට්ටම මීටර් 9 කට වඩා වැඩි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විශාල ප්‍රමාණයක් ඉවත් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රුසියාවේ හදිසි අමාත්‍යාංශය ඇස්තමේන්තු ගත කර තිබෙන්නේ, නිවාස 10,000 කට වැඩි ප්‍රමාණයක් මෙම ගංවතුර තත්වයෙන් යට වී ඇති බවයි.
(colombotimes.lk)