රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
ඒ KA350 King Air යන ගුවන් යානයයි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
(colombotimes.lk)