2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මේ වන විට දේශීය වෙළඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයනකරුවෙක්ට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)