01. ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීරණයේදී ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නේපාලයේදීයි.
ඇය සමඟ තවත් සැකකරුවන් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
02. ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයන් අත්සන් තබයි
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තුවේ පැවති සමුළුවේදී මෙම සටන්විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, කටාර්මි එමීර්වරයා, තුර්කි ජනාධිපතිවරයා ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ගාසා තීරයේ ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් 20දෙනා ඊශ්‍රායලයට භාරදීමෙන් අනතුරුව ගිවිසුමට අත්සන් තැබූ බවයි.
ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250දෙනෙක් සහ රැඳවියන් 1,700කට වැඩි පිරිසක් නිදහස් කිරීම ද සිදුවී තිබෙනවා.
03. ගල්කිස්ස පොලීසියේ PCට ස්ථාන මාරුවක්
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙක් සමඟ ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දළ පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේ අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි.
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙක්ට පහරදුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13) ඇප මත මුදා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී නීතිඥවරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් අතර ඇති වු බහින් බස්වීමකදී පොලිස් කොස්තාපල්වරයා විසින් අදාල නීතිඥවරයාට පහරදීමක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
04. හිටපු අමාත්‍ය මනූෂගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
මනූෂ නානායක්කාර හෙට (15) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
05. විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය දැනුම්දෙයි
2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී. එල් චන්ද්‍රලාල් සඳහන් කළේ ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස 03 සඳහා කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
06. නිශාන්ත උළුගේතැන්නට ඇප
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ එම නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීයි.
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
(colombotimes.lk)