14 October 2025

logo

රටම එකට ජාතික මෙහෙයුමට කැබිනට් අනුමැතිය



මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන 'රටම එකට ජාතික මෙහෙයුම' නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන බවයි සඳහන් වන්නේ. 

මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්වී ඇති අතර විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව ද නිරීක්ෂණය වී තිබෙන බව රජය පවසනවා.



(colombotimes.lk)