2025 අයවැය යෝජනාවක් අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත 2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2025‑07‑22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)