පියසි මත සවිකරන සෝලා පැනල සමඟ ඒකාබද්ධ කරන බැටරි බලශක්ති ගබඩා පද්ධති මඟින් විදුලිය මිලදී ගැනීම සඳහා වූ නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව විදුලි ඉල්ලුම වැඩිම කාලය වන පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා බැටරි ගබඩා පද්ධතිවලින් මුදා හැරෙන පැයට කිලෝවොට් එකක විදුලි ඒකකයක් සඳහා මෙම නව ක්‍රමවේදය යටතේ රුපියල් 45යි ශත 80ක් ගෙවීමට විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ අධික ඉල්ලුමක් සහිත රාත්‍රී කාලයේ දී ජාතික පද්ධතියට සැපයීම සඳහා දිවා කාලයේ දී සූර්ය ශක්තියෙන් නිපදවන විදුලිය ගබඩා කිරීමට, සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට බලශක්ති ගබඩා තාක්ෂණ භාවිතා කිරීම දිරි ගැන්වීම මෙම නව ගාස්තු ක්‍රමවේදය මඟින් අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)