24 August 2025

logo

ලක් මවට රන් පදක්කමක් සහ රිදී පදක්කමක්



දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසි කිරීමේ ශූරතාවලියේ අද (22) පැවති හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. 

ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම පදක්කම දිනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහිදී රිදී පදක්කම ජපාන ක්‍රීඩකයෙක්ට හිමි වී තිබෙනවා.
 
මේ අතර මෙම තරගයට පෙර පැවති කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත්වී තිබෙනවා. 

ඇය මීටර් 57.53ක දක්ෂතාවක් දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

එය තරගවාරය තුළ ඇය දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වීම විශේෂත්වයක්.

(colombotimes.lk)