2026 වසරේ නව නිවාස 27,000ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 2026 වසර සඳහා වූ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් 2026 වසරේදී නිවාස 10,000ක් ඉදි කිරීම සඳහා අමතර මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙන බවයි.
එමෙන්ම නාගරික වතු නිවාස ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක මුදලක් වෙන් කර තිබෙනවා.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට රුපියල් මිලියන 840ක මුදලක් වෙන් කර තිබෙන බවද ජනපතිවරයා ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන්.
ස්වාභාවික ව්‍යසන හේතුවෙන් අවතැන් වූ පවුල් 1200කට නිවාස ඉදි කරදීමට අමතර රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ යුද්ධය හේතුවෙන් කිසිදු නිවාස හිමිකමක් නොමැති පවුල් සඳහා නිවාස 2500ක් ඉදිකරදීමට රුපියල් මිලියන 5000ක මුදලක් වෙන් කර තිබෙන බවයි.
(colombotimes.lk)
