කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට රුපියල් මිලියන 67,200ක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 2026 වසර සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ දුර ගමන් සේවා බස් රථ 600ක් ලංගමට එක් කිරීමට රුපියල් මිලියන 3,600ක මුදලක් වෙන් කර තිබෙන බවයි.
ලංගම ඩිපෝ සඳහා අවශ්‍ය නව උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 790ක මුදලක් වෙන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය විධිමත් කිරීමට රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවයි.
(colombotimes.lk)
