විදුලි බලය උපයෝගී කරගෙන ජාතික ආර්ථිකය පණ ගැන්වීම උදෙසා නව ක්ෂේත්‍ර වෙත ප්‍රවේශ වීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 2026 වසර සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
Data Centers (දත්ත පද්ධති මධ්‍යස්ථාන), Transport Electrification (ප්‍රවාහන විද්‍යුත්කරණය), Green Hydrogen (හරිත හයිඩ්‍රජන්), Green Ammonia (හරිත ඇමෝනියා) එම ක්ෂේත්‍ර වන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
ජනාධිපතිවරයා කියා සිටියේ විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පද්ධති නවීන සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කිරීමට කාර්යය සවිබල ගැන්වීම සඳහා බලශක්ති, ඩිජිටල්, ප්‍රවාහන ඒකාබද්ධ ආර්ථික ප්‍රවර්ධන රාමුවක් (Integrated Economy Development Framework) ස්ථාපිත කරන බවයි.
ඒ සඳහා අවශ්‍ය වන නීතිමය රාමුව සකසා ගැනීමේ අරමුණින් බලශක්ති පරිවර්තන පනත (Energy Transition Act) ලබන වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය තුළින්, ඌන උපයෝජිත ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් වැඩිදියුණු කර ආදායම් ඉපැයිය හැකි ව්‍යාපෘති වන හෝටල්, ව්‍යාපාරික මධ්‍යස්ථාන, කර්මාන්ත ශාලා හෝ වෙනත් කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳ අධ්‍යයනය කර ඒ අනුව මෙම සම්පත් ඵලදායී ලෙස භාවිතයට ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන්.
(colombotimes.lk)
