ප්‍රාථමික සෞඛ්‍ය සේවය වෙනුවෙන් ආරෝග්‍ය මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 2026 වසර සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ මූලික රෝහල් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක් වෙන් කර තිබෙන බවයි.
එමෙන්ම ජාතික හෘද ඒකක ගොඩනැගිල්ල පිහිටුවීමට රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන් වන්නේ සුවසැරිය ගිලන් රථ සේවය සඳහා රුපියල් බිලියන 4.25ක මුදලක් වෙන් කර තිබෙන බවයි.
ප්‍රජා විද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 570ක මුදලක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙන බවද අයවැය කතාවේ සඳහන්.
ප්‍රජා ශක්ති වැඩසටහනට රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබෙනවා.
(colombotimes.lk)
