2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න ප්‍රකාශ කළා.
ඒ 'සවිමත් සුවපත් දිරිමත් දිවියක්' යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ 'ජාතික විශ‍්‍රාමික දිනය 2025' සැමරුම් වැඩසටහනට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවයි.
(colombotimes.lk)