ලෝක මට්ටමින් ඇතිවන බලපෑම් නිසා ආර්ථිකයට පීඩනයන් එල්ල විය හැකි වුවත් ශක්තිමත් ප්‍රතිපත්ති සහිත බැවින් එවැනි වූ ගැටලුවලට මුහුණ දීමට ලංකාව දැන් වඩා හොඳ සූදානමකින් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එම අරමුදල සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති මාලාව අතීතයට වඩා ශක්තිමත් බවයි.
සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට සහ සංචිත වැඩි කිරීමට ලංකා රජය මෑතකදී ගත් පියවර මෙරට ජනතාව, ආයෝජකයන් මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන් විසින් පිළිගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou සඳහන් කළා.
(colombotimes.lk)
