16 October 2025

logo

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදවත් සලිත කරවන හෙළිදරව්වක්



ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 42,000කට අධික පිරිසක් බරපතළ ශෛල්‍යකර්මවලට ලක් කර සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

එම සංවිධානය සඳහන් කළේ ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ කුඩා ළමුන් බවයි. 

එමෙන්ම ශෛල්‍යකර්ම හේතුවෙන් පුද්ගලයන් 5,000කට අධික පිරිසකගේ අත් පා කපා ඉවත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොඳු ඇට පෙළේ තුවාල, පිපිරීම් හේතුවෙන් මොළයේ සිදු වූ තුවාල සහ අනෙකුත් පිළිස්සුම් තුවාල හේතුවෙන් අදාළ ශෛල්‍යකර්ම සිදුකර ඇති බවයි.

(colombotimes.lk)