04 November 2025

logo

අධිවේගයේ අනතුරක්



ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක් වූ බව අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

අදාළ ලොරිය කඩවත පිවිසුමෙන් ඇතුළුවීමත් සමඟම වම්පස ටයරයේ හුළං යාම හේතුවෙන් ලොරිය රියදුරු පාලනයෙන් ගිලිහී මැද ආරක්ෂක වැට මතට ගොස් ගැටී තිබෙනවා.

සිදු වූ අනතුරින් ලොරියට සහ අධිවේගී මාර්ගය මැද ආරක්ෂිත වැටට අලාභානි සිදු ව ඇති බව සඳහන්.

අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ අනතුර සිදු වූ ස්ථානයේ සිට කඩවත දෙසට වසා දමා එක් මංතීරුවක පමණක් වාහන ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)