මොනරාගල සිට අඹේවෙල සත්වගොවිපළ දක්වා ගමන් කළ තෘණ රැගත් ලොරි රථයක් අද (10) අලුයම 2.30ට පමණ අනතුරකට ලක්වී තිබෙනවා.
ඒ නුවරඑළිය අඹේවෙල ප්‍රධාන මාර්ගයේ රුවන්එළිය ප්‍රදේශයේදීයි.
අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර අනතුරට හේතුව ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් බව නුවරඑළිය පොලීසිය සඳහන් කළා.
එම අනතුර සිදු වූ ස්ථානයේ ගමනාගමනයටද බාධා එල්ල වී ඇති අතර වාහන ගමන් කිරීම එක් මංතීරුවකට සීමා කර තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)
