20 February 2026

logo

නිවසක් සහ ඉඩමක් ක්‍රියා විරහිත කරයි



වලස්මුල්ල - කඩිගමුව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් සහ පර්චස් 14ක ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා විරහිත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙය වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මත්ද්‍රව්‍ය ජාවාරමකින් සහ කොල්ලකෑම්වලින් උපයාගත් මුදල්වලින් කාන්තාවකගේ නමින් මිලදී ගෙන ඇති බවයි.

අධිකරණය විසින් සතියක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මේ පිළිබඳව වැඩිදුර විමර්ශන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)