ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (19) පස්වරුවේ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක් හමු වී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
ඒ අනුව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සමුළුවට එක්ව සිටින භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ සමඟද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අබුඩාබියේ ඔටුන්න හිමිකරු වන ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහියා සමඟ ද ජනාධිපතිවරයා ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූ බවයි.


(colombotimes.lk)
