20 February 2026

logo

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස ආදේශකයක් ලෙස යොදා ගන්නා මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින්.

සැකකරු තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්පෙති 21,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බවයි වාර්තා වන්නේ. 

බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 2 බාර ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමකට යමින් සිටියදී ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

(colombotimes.lk)