20 February 2026

logo

මහා සංඝ සමුළුව අද කොළඹදී



මහා සංඝ සමුළුව අද (20) කොළඹ 07 බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සමුළුව සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ මෙම මහ සංඝ සමුළුව ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් සිටින බවයි.

මෙම මහා සංඝ සමුළුවට තමන් වහන්සේද සහභාගී වන බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. 

(colombotimes.lk)