කුඩා ප්‍රමාණයේ ජෙට් යානයක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළ අසල දී කඩා වැටී තිබෙනවා.
පසුව එම ජෙට් යානය ගිනිගෙන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සෙස්නා සී 550 වර්ගයේ ව්‍යාපාරික ජෙට් යානයක් වන අතර එය ගොඩබැස්වීමට යාමේ දී සිදුවූ දෝෂයක් අනතුරට හේතුවී ඇති බව වාර්තා වනවා.
යානාවේ සිටි මගීන් සහ එහි නියමුවා අනතුරින් මියගිය පිරිසට අයත් වන බව සඳහන්.
(colombotimes.lk)