09 July 2025

logo

සැප බසයක් ගිනි ගනියි



යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අලුයම එක්වරම ගිනිගෙන විනාශ වී තිබෙනවා. 

මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී මෙලෙස බස් රථය ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. 
 
මේ හේතුවෙන් බස් රථයේ ගමන් කළ මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව සඳහන්. 
 
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මදුරන්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
(colombotimes.lk)