17 December 2025

logo

අපේ කම - අපේ තාලෙට රැගෙන පර්ත් දරුවන් ලංකාවට



ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට මෙරට අනන්‍යතාවය තිළිණ කරමින් ශ්‍රී ලාංකික හැඟීම ඔවුන් අතර ස්ථාපනය කිරීමට පර්ත් සිංහල පාසල මේ වන විට වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා.  

එහි තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස 'ප්‍රභාෂ්වරී' නර්තන ප්‍රසංගය 2026 ජනවාරි මස 03වනදා සවස 3.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. 

කලාකීර්ති ආචාර්ය රවිබන්ධු විද්‍යාපති සහ නෘත්‍ය මාතා සමන්ති විද්‍යාපති යන ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම නර්තන ප්‍රසංගය සිදු වනවා.



(colombotimes.lk)