17 December 2025

logo

කාලගුණය යළිත් කැළඹෙයි - දිස්ත්‍රික්ක කිහිපයකට රතුඑළි



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සැලකිලිමත් වන ලෙසයි. 

එමෙන්ම නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)