කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ තත්පරයට ඝන අඩි 500ක් කවුඩුලු ඔය වෙත මුදා හැරීමට අපේක්ෂා කරන බවයි.
ඒ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති නොවන අතර පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)
