16 October 2025

logo

නරි උවදුරෙන් පීඩා විදින පාසලක් ගැන දැනුම්දීමක්



හැටන් හයිලන්ඩස් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසල නිරන්තරයෙන් නරි රංචුවක් සැරි සැරීම හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ආචාර්ය මණ්ඩලය භීතියට පත් වී තිබෙනවා. 

එම පාසලේ ගුරුවරුන් කියා සිටියේ ක්‍රීඩා පිටියට ආසන්නයේම පිහිටි ඉලුක් රක්ෂිතය තුළින් මතුවන නරියන් උදෑසන කාලයේ ක්‍රීඩා පිටිය අසලට පැමිණ කෑ ගසන බවයි. 

මෙම තත්ත්වය හමුවේ ළමුන්ට ක්‍රීඩාංගනයේ සෙල්ලම් කිරීමට පවා නොහැකි පරිසරයක් උද්ගත වී තිබෙනවා. 

(colombotimes.lk)