අ.පො.ස උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රායෝගික පරීක්ෂණ 2026 ජනවාරි 24වනදා සිට පෙබරවාරි 02වනදා දක්වා පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට නියමිතයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයටත් තැපැල් මඟින් යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තැපැල් මඟින් ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයන් සඳහා 2026 ජනවාරි 19වනදා සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමේ පහසුකම් සලසා ඇති බවයි.
එම විභාගය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා.
ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංක : 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය : 011 2784422
විද්‍යුත් තැපෑල : gcealexam@gmail.com
(colombotimes.lk)
