අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදසේ මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම්වල වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාවට අනුව ඊයේ (16) පොලීසිය විසින් පුද්ගලයන් 30,386ක් පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එහිදී සැකපිට පුද්ගලයන් 596ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම මෙහෙයුමේදී සෘජුව අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් 18ක් ද වරෙන්තුකරුවන් 268දෙනෙක්ද, විවෘත වරෙන්තුකරුවන් 184ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බීමත් රියදුරන් 469ක්ද අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත 72ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
එමෙන්ම රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,584ක්ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
