17 January 2026

logo

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟයක්



රෝහල් සඳහා කනිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය 10,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ ඉදිරියේදී එම පුරප්පාඩු සඳහා 1,900ක පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

නමුත් කොළඹ ජාතික රෝහලේ පමණක් පුරප්පාඩු 1,100කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළා. 

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ නව බඳවා ගැනීම් සඳහා දැනට රෝහල්වල ස්වේච්ඡා සේවයෙන් කටයුතු කරන පිරිසට වැඩි අවධානයක් දෙන බවයි.

(colombotimes.lk)