04 July 2025

logo

මෙරට ඇගලුම් කර්මාන්තයේ කැපී පෙනෙන ඉහළයාමක්



මෙරට ඇගලුම් කර්මාන්තශාලාවලට ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒකාබද්ධව ඇගලුම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු සඳහන් කළේ මේ සඳහා බංගලාදේශයේ ඇති වූ ගැටුම් සහ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය මෙයට හේතු වී තිබෙන බවයි.

ඇගලුම් අපනයනය සිදු කිරීමෙන් මෙම වසරේ මුල් මාස 8 තුළදී ඩොලර් බිලියන 3.6ක් උපයා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ එම කාලය තුළ ඇගලුම් අපනයනය සිදු කිරීමෙන් උපයා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක්.

(colombotimes.lk)