31 December 2025

logo

වෑන් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක්



වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (31) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රත්නපුර තිරිවානාකැටිය කොමෂල් හංදිය ප්‍රදේශයේදීයි.

එම අනතුරින් පුද්ගලයින් 06දෙනෙක් තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ අදාළ අනතුර හේතුවෙන් එක් මංතීරුවක් වාහන ගමනා ගමනයට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි.

(colombotimes.lk)