අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව භූමදානය කටයුතු සඳහා දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යාමට නියමිතයි.
එමෙන්ම එතුමියගේ නිසල දේහය මේ වන විට මහජන ගෞරව සඳහා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැම්පත් කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27වනදා රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඇය 91වන වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
