කොළඹ මහ නගර සභාවේ සිදු වී තිබෙන බව කියන දූෂණ, බලතල අවභාවිතය සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.
2010 සිට 2025 කාලසීමාව තුළ නගර සභාවේ සිදු වූ දූෂණ, බලය අවභාවිතය වැනි අක්‍රමිකතා සෙවීමට එම කොමිෂන් සභාවට බලතල හිමිවන බවයි සඳහන් වන්නේ.
මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී E. R. M. S. H. ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී D. S. වික්‍රමසිංහ යන පුද්ගලයන් පත් කර තිබෙනවා.
රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බලා වාර්තා කිරීම මෙම කොමිසන් සභාවට විසින් සිදු කරනු ලබනවා.
එම කරුණු විමර්ශනය කර මාස 06ක් ඇතුළත වාර්තාවක් ලබා දිය යුතු බවද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)
