31 December 2025

logo

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 05ක් අත්අඩංගුවට



ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 05දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින්, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රාජකාරියට බාධා කිරීම හේතුවෙන්. 

ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(colombotimes.lk)