10 March 2025


න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් උතුරු කොරියාවෙන්



උතුරු කොරියාව ප්‍රථමවරට ඉඳිවෙමින් පවතින න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එළිදක්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය දකුණු කොරියාවට සහ ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රධාන ආරක්ෂක තර්ජනයක් විය හැකි අවි පද්ධතියක් බවයි.

එරට නායක කිම් ජොන් උන් යුද නැව් ඉඳිකරන ප්‍රධාන නැව් අංගන වෙත කළ සංචාරයේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නාවික නෞකාව ටොන් 6,000 - 7,000 පන්තියේ එකක් බව පෙනෙන අතර එයට මිසයිල 10ක් පමණ රැගෙන යා හැකි බව සෝල්හී හන්යැං විශ්ව විද්‍යාලයේ උගන්වන දකුණු කොරියානු සබ්මැරීන් විශේෂඥයෙක් වන මූන් කියුන්-සික් ප්‍රකාශ කළ බවයි.

(colombotimes.lk)