සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර ගැටුම් අතරතුරදී එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් සුඩාන වැසියන් 22 මියගොස් ඇති බව සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ප්‍රහාරය එල්ල කළේ කුමන පාර්ශවයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
කෙසේ වෙතත් එම ප්‍රහාරයට සුඩාන හමුදාව වගකිවයුතු බවත්, ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 31 දෙනෙකු මියගිය බවත් සුඩාන අතුරු හමුදා නිකුත් කළ නිවේදනයක දක්වා තිබෙනවා.
අතුරු හමුදාව පවසන්නේ, ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් අවහිර කිරීමේ අරමුණින් සුඩාන හමුදාව ප්‍රහාරය එල්ල කළ බවයි.
සුඩාන හමුදා ප්‍රධානී, මෙම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන්.
හමුදා පාලනයකට යටත්ව ඇති සුඩානය, ක්‍රමයෙන් සිවිල් රජයකට පරිවර්තනය කිරීමට, සුඩාන හමුදාව ගත් තීරණයට එරෙහිව, සුඩාන අතුරු හමුදා මෙම ගැටුම් ආරම්භ කළේ, පසුගිය මස අප්‍රේල් 15 වැනිදායි.
ගැටුම් හේතුවෙන් සුඩාන වැසියන් මිලියන 3ක් පමණ අවතැන් වී ඇති අතර ලක්ෂ 7ක පමණ පිරිසක් අසල්වැසි රටවලට පලා ගොස් තිබෙනවා.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුඩාන වැසියන් 1,200ක් පමණ ගැටුම් මධ්‍යයේ මියගොස් ඇති බවයි.
(colombotimes.lk)