පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා.
මහාචාර්ය සමීර ආර්. සමරකෝන් සඳහන් කළේ 2008 වසරේ සිට වසර 17කට ආසන්න කාලයක් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම පිළිකා සෛල නසන පෝෂක ඖෂධය සොයා ගැනීමට සමත්වී ඇති බවයි.
අණුක ජීවවේදය සහ ජාල ඖෂධවේදය වැනි නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් පිළිකා සෛල නසන මෙම පෝෂක ඖෂධය සාදා ඇත්තේ ඖෂධීය ශාක 05ක් යොදාගෙන බව මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ පිරිස සඳහන් කළා.
මහාචාර්යවරයා සඳහන් කළේ Ve onia zeylanica, Nigella sativa, Hemidesmus indicus, Leucas zeylanica සහ Smilax glabra යන ශාකවලින් ලබාගත් ඖෂධ සම්මිශ්‍රණයකින් මෙලෙස පිළිකා සෛල විනාශ කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන අතර මෙම පෝෂක ඖෂධය හරහා 2027 වන විට මාසයකට ඩොලර් මිලියන 02ක ආදායමක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පරීක්ෂණයට සම්බන්ධ වූ පිරිස වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)