අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ තම පුත්‍රයාට එරෙහිව නිකුත් කළ රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව පවසමින්.
ඇය විසින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මඟින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.
නඩුවේ අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ද එම පෙත්සමෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවයි.
රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙම නඩුව එළඹෙන 23වනදා කැඳවීමට නියමිතයි.
(colombotimes.lk)